වෛද්‍ය , නීතීඥ, ඉංජිනේරු , ගණකාධිකාරී , බැංකු , වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්‍ය කරමින් මුදල් , ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙම දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්‍ය කර ඇති පිරිස පහතින්,
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්.
ශ්‍රී ලංකා සහතිකලත් කළමණාකාරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්.
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්.
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්.
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්.
ශේෂ්ඨාධිකරණ නීතීඥවරුන්.
ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින්.
(ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර )
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කරගෙන ඇති පුද්ගලයින්.
මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රුපියල් 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්.
දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු.
ශ්‍රී ලංකාව තුළ මාසිකව රුපියල් 100,000 ක් හෝ වාර්ෂිකව රුපියල් 1,200,000ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු.
එමෙන්ම 2023.12.31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති හෝ 2024.01.01 දිනට හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු පුද්ගලයින් ද මෙම නව විධිවිධානයට යටත් වන බව සඳහන්.
