කථානායකවරයාගෙන් විශේෂ නිවේදනයක්.

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරන තර්ජන, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙසට

කථානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී  විශේෂ දැනුම්දීමක් සිදුකළ බව වාර්තා වේ.

කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවලදීත් සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් පාර්ලිමෙන්තුවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බවයි.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකතුමාට/මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බවත් , නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකවරයා වෙත යොමු කරන ලෙසත් ය.



Exit mobile version