කාලගුණයෙන් විශේෂ නිවේදනයක් .

තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම නිවේදනය ඔක්තෝබර් මස 17 වනදා සිට ඔක්තෝබර් 20 වනදා දක්වා වලංගු වන බවට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැඩි තිව්‍රතාවයකින් යුතු මි.මී 100ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Exit mobile version