ජාතික පාසල් ගුරු මාරු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.

2021 දෙසැම්බර් 31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් ලබන 12 වන දිනය වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දුන් බව වාර්තා වේ.

යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පතිතුමා මඟින් එම අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බවත් , අභියාචනය යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බවත් , මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

Exit mobile version