මහනුවර ජනතාවට විශේෂ නිවේදනයක් .

මහ වැසි හේතුවෙන් මහනුවර නායයාමේ අවදානම් ගැන විමසිලිමත් වන ලෙස නිවේදනය කර ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාපතනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් නාය යාමේ අවදානම් කලාප වශයෙන් ජාතික ගොඩනැගිලි සංවිධානය මගින් නම් කොට තිබේ.

ඒ අනුව, මහනුවර දිස්‍ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩ පළාත, උඩුනුවර, පාතදුම්බර, මැදදුම්බර , උඩුදුම්බර අවදානම් කලාප වේ.

ඉකුත් පැය 24ක කාලය තුළ මිලි මීටර් සියය ඉක්මවූ වැසි ලැබුණු බැවින් තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිහිපයක් නාය යෑමේ අවදානමට ලක්ව තිබේ. 

එම ප්‍රදේශයේ පදිංචිකරුවන් නාය යාම්, බෑවුම් හා පස් කඳු කඩා වැටීම් හා පොළව ගිලා බැසීම් ආදිය පිළිබදව විමසිලිමත් විය යුතු යැයි ද එම සංවිධානය සඳහන් කරයි.

Exit mobile version