දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි අද(18) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම, උතුරු නැගෙනහිර පළාත්වල අද සිට දින 5 ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඊට අමතරම අදාළ පළාත්වල අද සහ හෙට විශේෂ කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
හඳුනාගත් මදුරුවන් බෝ වන ස්ථාන සඳහා කීට නාශක යෙදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේ ය.
අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 82,036 ක් සහ මරණ 49 ක් වාර්තා වන බව සඳහන් .
