රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇති අතර ඒ සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
අද (20) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතදී තමන්ට මන්ත්‍රීවරයෙකු විසින් පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන ලදී .ඒත් සමගම අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබුණි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ නම්කර තිබේ.
