දේශබන්දුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කෙරේ.

මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, ඒ සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී අවධානය යොමුව තිබෙන අතර පසුගියදා  එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වුණි.

එම කාරක සභාවේ දී මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ටිරාන් අලස් මහතා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන එම කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

Exit mobile version