විශේෂ අධිකරණ නියෝගයක්.

අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද (31) කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මරදාන පොලීසිය කළ දැනුම්දීමකට අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු පිරිස වෙත මෙම අධිකරණ ආඥාව නිකුත් කර ඇති බව සදහන්.

ඒ අනුව අද දහවල් 12.00 සිට හෙට (01) උදෑසන 10.00 දක්වා කාලය තුළ මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොටුව දුම්රියපොළ දක්වා අදාළ අධිකරණ බලසීමාව තුළ මහා මාර්ග සහ පදික වේදිකා, එම මහා මාර්ග සහ පදික වේදිකා භාවිත කරන සෙසු පුද්ගලයින්ට භාවිත කිරීම සිදුකළ නොහැකි අයුරින් විරෝධතා පා ගමන් තහනම් කර තිබේ.

Exit mobile version