එළඹෙන සතියේ දී ලෝක බැංකුවේ විශේෂිත දූත පිරිසක් සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත අතර මෙම සංචාරයේදී ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ලෝක බැංකු සහාය තවදුරටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට ලැබිය යුතු ද යන්න විමසා බැලීමේ අරමුණින් එම පිරිස මෙරට සංචාරයේ නිරත වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.
