ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (31) දියත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එම තෙදින වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා අධි අවදානම් කලාප ආවරණය වන බවට ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
රට තුළ අධි අවදානම් කලාප 28ක් හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන් 5,004ක් වාර්තා වී ඇති අතර 2023 වසරේ මේ දක්වා රට තුළ රෝගීන් 61,687ක් වාර්තා වී තිබේ.
මෙයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 30,147 කි.
