අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ .

අත්‍යාවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ .

ඒ අනුව පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබේ .

*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්.

*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම.

*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.

Exit mobile version