මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් විශේෂ ගැසට් නිවේදනයක්.

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අත් විශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

එම ගැසට් නිවේදනයට අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත බවත් , භාණ්ඩාගාර බැඳුම්කර සකස් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය අදාළ නිලධාරීන් වෙත පවරා ඇති බවත් සඳහන් වේ.

Exit mobile version