ඉන්දියාවෙන් කැනඩාවට විශේෂ දැනුම්දීමක් .

ඉන්දියාවට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය බලධාරීන් කැනඩාවට දැනුම්දී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ අනුව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ තානාපති නිලධාරීන්ව ඔක්තෝබර් 10 වනදා වනවිට නැවත කැඳවා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි.

කැනඩාවේ ජීවත් වූ සික් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකෙන හර්දීප් සිං නජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී ඝාතනය කර තිබූ අතර ඊට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බවට කැනඩාව චෝදනා කළ නමුත් ඉන්දියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදී.

දෙරට අතර එම මත ගැටුම මේ වනවිට උත්සන්න වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

එමෙන්ම එම තානාපති නිලධාරීන් 41 දෙනාගෙන් යමෙක් ඔක්තෝබර් 10 වනදායින් පසුව ඉන්දියාවේ රැඳී සිටියහොත් ඔවුන්ගේ තානාපති වරප්‍රසාද අහිමි කරන බවට ඉන්දියාව අනතුරු අඟවා තිබේ.

Exit mobile version