රියදුරන්ට විශේෂ දැනුම්දීමක් .

ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවිනි.

ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය ප්‍රකාශයට පත්කර තිබේ.

එම විකල්ප මාර්ග පහතින්.

අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ගමන් ගන්නා බර වාහන –

දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් ගන්නා බර වාහන –

• දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ 51 හන්දියෙන් හැරී තලපලාකන්ද මාර්ගයේ බෙරලපනාතර නගරයට පැමිණ කොටපල මාතර ප්‍රධාන මාර්ගයේ ඌරුබොක්ක මාර්ගය හරහා පස්ගොඩට පැමිණ පස්ගොඩින් සියඹලාගොඩ මාර්ගයේ පිටබැද්දර දක්වා ගමන් කළ හැක.

අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන –

දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන –

ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුල දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට යාමට පැමිණෙන වාහන හැකිතාක් ඉහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා තිබේ.

Exit mobile version