කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා විසින් හෝමාගම පදිංචිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු සදහන් කර සිටින්නේ හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ (17) රාත්‍රියේ රසායනික කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළදින ලෙසයි.
රසායනික ගබඩාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්වසන ආබාධ ඇතිවිය හැකි අතර එම ශ්වසන ආබාධ අවම කර ගැනීම සදහා මෙම උපදෙස් පිළිපදින ලෙසට ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබේ.
