අම්බලන්ගොඩ ජනතාවට විශේෂ දැනුම් දීමක්.

අම්බලන්ගොඩ ජලටැංකියට ජලය ගෙන යන ප්‍රධාන නලයක් පිපිරීම හේතුවෙන් අද (04) දහවල් අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල දෙසට ඇති මාර්ගය පොල්වත්ත මංසන්ධියෙන් වසා දමා ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම ජල නලයේ නඩත්තු කටයුතු ආරම්භකර තිබේ.

ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අම්බලන්ගොඩ රෝහලට ගමන්කිරීමට කලුවඩුමුල්ල මාර්ගය සහ කන්දෙගොඩ මාර්ගය භාවිත කරන ලෙසයි.

Exit mobile version