රජයේ සහනාධාර අහිමි වූ පුද්ගලයන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් , ජුලි මස පළමු දින සිට නව සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,
“සමෘද්ධිය දීර්ඝ කාලයක් පුරා තියෙන්නේ දුප්පත් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න. නමුත් ඒක සිද්ධවුණා ද? ඒක සිද්ධ වුණේ නෑ. ඒකෙන් දුප්පත් ජනතාවට ජීවත්වෙන්නත් බෑ. ඒකෙන් ගොඩඑන්නෙත් නෑ. ඒක ආයෙත් සකස් කරනවා. ඒක ලැබෙන අය හරියාකාරව හඳුනාගන්න. පහුගිය කාලයේ සංගණනයක් කළා. ඒ සංගණනයෙන් 100%ක් මේක සකස් වෙන්නේ නෑ. නමුත් අවස්ථාව තියෙනවා මට සමෘද්ධිය ලැබිය යුතුයි කියලා හිතන කෙනෙක් ට ඕනම වෙලාවක ඒ වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයක් දාන්න. අසාධාරණයක් වුණා කියලා හිතනවා නම් ඒක නිවැරදි කරගන්න අවස්ථාව. සමෘද්ධිලාභීන්ට හොඳ මුදලක් ලබාදෙන්න. ඒ මුදල කෙලින්ම තමන්ගේ බැංකු ගිණුමට එන්න සකස් කරනවා. ජූලි 1 සිට ඒ කටයුතු සිද්ධවෙනවා. ඒ වගේම සමෘද්ධිලාභීන් හැමදාම දුප්පතුන් ලෙස තියාගන්නේ නැතුව එතැනින් එහාට සවිබල ගැන්වීමට වැඩපිළිවෙලක් අපි සකස් කරනවා.”
