මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සම ආරක්ෂා කරගැනීම වැදගත් බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඇය පෙන්වා දෙන්නේ අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මඟින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවයි.
හිරුඑළිය තදින්ම වැටීම හරහා පිළිකා කාරක තත්ත්වයක් ද ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය සඳහන් කර තිබේ.
“මේ දිනවල තියෙන දැඩි හිරු රශ්මියත් එක්ක ඔබේ සම ආරක්ෂා කර ගැනීම වැදගත්. අව්ව නිසා සමට ඇති වෙන බලපෑම විවිධාකාර වෙනවා. මෙහිදී දැඩි හිරු රශ්මියක් තියෙන අවස්ථාවලදී උදේ 10 – 2 වගේ කාලයේ එළිමහනට නොයා ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් ඔබට එහෙම යන්න අවශ්‍ය නම් ඔබ හිරු එළියෙන් පරිස්සම් වීම වැදගත් වෙනවා. මේ සඳහා හිස් වැස්මක්, කුඩයක් භාවිත කිරීම වගේම සමට සන් ක්‍රීම් භාවිත කිරීම වැදගත්.”
ප්‍රශ්නය - හිරු එළිය නිසා සමට සිදුවන හානි මොනවා ද?
“හිරු එළිය නිසා සමට කෙටි කාලීන සම දුර්වරණ වීමක් ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව හිරු එළියට නිරාවරණය වෙද්දි සම ඉක්මනින් වියපත් වෙනවා. හිරු එළියේ තියෙන පාරජම්බුල කිරණවලින් සම වයසට යෑමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කරනවා. දිගින් දිගටම හිරු එළියට නිරාවරණය වීමේ දී සුදුපාට අයට සමේ පිළිකා ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා.”
