රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු නොවන බවත් , ඒ අනුව මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් , මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙන බවත් සඳහන් .

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි.

Exit mobile version