බීමත් රියදුරන් පරික්ෂා කිරීම සදහා එළඹෙන උත්සව සමයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලිසිය වාර්තා කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,
“විශේෂයෙන්ම මෙම මාසය තුළ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ දිනවල සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ නළ බෙදාහැරීම ආරම්භ කරලා තියෙනවා. හෙට දිනය වනවිට අපි නළ 167,000කට ආසන්න සංඛ්‍යාවක් සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට ලබාදෙනවා. උත්සව කාලයේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා. වැදගත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා ඔබ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. පොලීසිය ඔබගේ සහායට නිරන්තරයෙන් ඉන්නවා. එසේම අපරාධ කරුවන් හඳුනාගැනීම සඳහා ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා දිවයින පුරාම ක්‍රියාත්මක වනවා. ඊට අමතරව තවදුරටත් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර වැනි සංචාර නිරන්තරයෙන්ම යොදවනවා ඔබගේ ආරක්ෂාව සඳහා. ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න, එහෙම නොවුනොත් උත්සව සමයේ ඔබේ වන්දනා ගමන, විනෝද ගමන වැනි සියලු දේ ඔබට ශෝකාන්තයක් බවට පත්වෙන්න පුළුවන්.”
