ගම්පහ ඩෙංගු ගැන බලන්න විශේෂ කණ්ඩායමක්.

මෙම වර්ෂයේ මුල සිට මෙරටින් ඩෙංගු රෝගීන් 31,098ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබුණි. එමෙන්ම මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද (08) පිටත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන ලදී.

Exit mobile version