ගාලු පාරෙත් විශේෂ රථ වාහන සැලැස්මක්.

සීනිගම දේවාලයේ මහා පෙරහැර හේතුවෙන් රථවාහන ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය ජනතාව වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කර ඇත්තේ සැප්තැම්බර් මස 01  වනදා සිට 04 වනදා දක්වා පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම එම දිනවල  විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Exit mobile version