අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ දුර ගමන් සේවා දුම්රිය රැසක් අද (4) සිට යෙදවීම සඳහා කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
කොළඹ කොටුව – ගාල්ල , මරදාන – බෙලිඅත්ත , අනුරාධපුර – බෙලිඅත්ත , කොළඹ කොටුව – බදුල්ල යන දුම්රිය ස්ථානවල සිට ඉහළට සහ පහළට ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.
