රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි – මහින්දානන්ද අලුත්ගමගේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

( ජනාධිපති මාධ්‍ය ඒකකය )

Exit mobile version