ලෝක ජනාවාස දිනය වෙනුවෙන් විශේෂ සතියක්.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අද (02) සිට ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ .

“සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කර තිබේ .

ඒ අනුව ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතිය තුළදී ප්‍රතිලාභීන් 500 දෙනෙකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් නිවාස හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සැලසුම් කර තිබෙන අතර ඉදිරි වසරක කාලය තුළ මෙම හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අවසන් කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version