ඉතාලියේ සිඳු වූ අනතුරකින් ලාංකිකයෙක් මරුට.

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු පසුගිය දා සිඳු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙම පුද්ගලයා ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පිහිටි පොලිසිය වෙත යම්කිසි අවශ්‍යතාවයක් සඳහා පාපැදියෙන් ගමන් කරමින් සිටිය දී විරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණකරු මාරවිල , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි. නමින් සංජීව ප්‍රදීප් ප්‍රනාන්දුය.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංජීව නැමැත්තා මීට වසර 24 ට පමණ පෙර ඉතාලියේ සේවය සඳහා ගොස් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ඉතාලියේ ජීවත්ව සිට තිබේ.

Exit mobile version