ලාංකික කතක් ගුවන් යානය තුළ මියයයි.

ගෘහ සේවය සදහා කටාර් රාජ්‍යයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් යළි මෙරට ට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළදීම මිය ගොස් තිබූ බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්‌තේ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය අද (23) අලුයම 1.17 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය දී මෙම මරණය සිදුව ඇති බව සදහන්.

Exit mobile version