ඉන්දුනීසියාවේදී ලාංකික සරණාගත කතක් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට.

යාපනයේ සිට ඉන්දුනීසියාවට ගොස් එහි සරණාගතභාවය ලබාගෙන සිටි දෙමළ කාන්තාවක් හෘදයාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව 20 දා මියගොස් තිබේ.

යාපනයේ කෝපායී ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වී සිට ඇති අතර 2012 වසරේදී ඔවුන් මුලින්ම ඉන්දියාවට ගොස් එහි සරණාගතභාවය ඉල්ලා ඇත.

පසුව ඔවුන් 2022 වසරේ දී ඉන්දුනීසියාව වෙත ගොස් ඉන්දුනීසියාවේ මෙදාන්හි පැලවාන් රැඳවුම් කඳවුරේ සරණාගතභාවය ලබා ගෙන සිටියදී දියවැඩියා රෝගයට ලක් වූ කාන්තාව ඊට ප්‍රතිකාර ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිව සිටියදී වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත.

අශෝකුමාර් ලලිතා සුකයිනම් නැමති මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකුගේ මවකි.ඇය මුළු පවුල සමඟම ඉන්දියාවට හා ඉන්දුනීසියාවට ගොස් ඇති අතර ස්වාමිපුරුෂයා යාපනයේ ඥාතීන්ට ප්‍රකාශ කොට ඇත්තේ මියගිය ලලිතාගේ මෘත දේහය ඉන්දුනීසියානු රජය විසින් මිහිදන් කිරීමට තීරණය කොට ඇති බවයි. ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලක්ෂ ගණනක් ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටියදී එහි සිට ඉන්දුනීසියාවට ගිය දෙමළ සරණාගතයින් දහස් ගණනක් හින්දු සංස්කෘතිය අතහැර ඉන්දුනීසියානු සංස්කෘතියට අනුගත වෙමින් එරට සරණාගතයන් වශයෙන් ජීවත් වෙති.

( ලංකා සර )

Exit mobile version