ඇමෙරිකාවේ ප්‍රකට සරසවියක ප්‍රධානියා ලෙස ලාංකික නියෝජනයක්.

ලොව ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා පත් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව රේ ජයවර්ධන මහතා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත් වීමත් සමඟ ඔහුට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහාය වීම සහ විෂය නිර්දේශය සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහු වෙත පැවරෙන බව සඳහන් වේ.

මොහු එළඹෙන ඔක්තෝබර් මස 15 වැනිදා සිට අධ්‍යාපන ප්‍රධානී ධුරයේ කටයුතු කිරීම ආරම්භ කිරීමට නියමිත බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර තිබේ.

ආචාර්‍ය රේ ජයවර්ධන මහතා 2018 වර්ෂයේ සිට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා පිඨයේ පීඨාධිපතිවරයා ලෙස සේවය කර ඇති අතර මොහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇති අතඅ 1994 වර්ෂයේදී යේල් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ. එමෙන්න 2000 වර්ෂයේදී ආචාර්ය උපාධිය හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇති බව වාර්තා වේ .

Exit mobile version