එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලම වෙළෙඳ සංකීර්ණ ජාලය වන ලූලූ හි ශ්‍රී ලාංකික වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඊට මෙරට සකස් කරන ලද ආහාර ,එළවළු සහ පළතුරු ඇතුළු ශ්‍රී ලාංකික නිෂ්පාදන රැසක් එක් කර තිබූ බව සදහන්.
මෙහිදී ලූලූ වෙළෙඳසැල් ජාලයේ කළමනාකාරිත්වය එකග වී ඇත්තේ නුදුරේදිම එහි නියෝජිත කණ්ඩායමක් මෙරටට එවා ශ්‍රී ලාංකික අපනයනකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිළදී ගැනීමටයි.