දහම් පාසලක පිහි ඇනුමක්

දහම් පාසලක් තුළ සිදුවූ පිහි ඇනුමක් පිළිබඳ පුවතක් ගල් ඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගල් ඔය පොලිස්බල ප්‍රදේශයට අයත් විහාරස්ථානයක අද (2) උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වූ පුද්ගලයකු විසින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඉමාෂා නම් සිසුවියට තියුණු ආයුධයකින් ඇන පළාගොස් තිබේ.

මේ වන විට සිසුවිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල් ඔය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු ප්‍රහාරය එල්ල කල ආයුධත් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අකමැති වීම හේතුවෙන් මෙම අනතුර සිදු කල බවයි.

Exit mobile version