ඕස්ට්‍රේලියාවේ , කැන්බරා නුවර විශ්වවිද්‍යාලයක දී සිදුකළ පිහි ඇනුමක් සහ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනෙකි.
එහිදී පහරකෑමට ලක්වූ 34 හැවිරිදි වියේ පසුවන අයෙකුද රෝහල් ගතකර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිහි ඇනුමට ලක්ව රෝහල් ගතකර ඇති සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි .
