ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මත්ද්‍රව්‍ය තොගයක්.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක සිදු කළ වැටලීමකින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 යි මිලි ග්‍රෑම් 612 ක් ද කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 571 ක් හා ඩිජිටල් තරාදියක් හා ජාවාරමෙන් උපයාගත් රුපියල් 172,000.00 ක මුදලක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන් .

Exit mobile version