කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේ නිවසක ළිඳක් පිරිසිදු කිරීමේදී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (20) උදෑසන සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
පසුගිය 18 වැනිදා ළිඳ සුද්ධ පවිත්‍ර කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර නිවැසියන් ඒ පිළිබඳව කිසිවෙකුටත් දැනුම්දී නොමැති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කර තිබේ .
නමුත් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පොලිසිය හා එක්ව සිදුකළ පරීක්ෂාවකදී අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අතරේ ටි.56 ගිනි අවි සඳහා යොදාගන්නා පතරොම් විශාල ප්‍රමාණයක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ පහක් , විද්‍යුත් ඩෙටනේටර් , ටි 56 ගිනි අවියේ මැගසීන් එකොලහක්, පතරොම් බහලුම් කිහිපයක් සහ පරිඝනක හාඩ් ඩිස්ක් , පරිඝනක කොටස් ඇතුළු විදුලි උපකරණ කොටස් කිහිපයක් තිබී ඇති අතර මේවා යුද සමයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය හා පරිඝණක කොටස් මෙලෙස හමුව ඇති බවත් ඒවා දැඩිලෙස දිරාපත්ව තිබෙන බවත් පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
