ව්‍යාජ නාම ලේඛනයක් යොදා ගනිමින් මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය දඬුවම ලබාදීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා පවසන්නේ, අදාළ බලධාරීන් මේ පිළිබඳ මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කණගාටුවට කරුණක් බවයි.
