දුම්රිය ගාස්තු ගැන බන්දුලගෙන් ප්‍රකාශයක්.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝදනය කිරීමට නිසි කාලය උදා වී ඇති බවත් , බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝදනයක් සිඳු කළ යුතු බවත් අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළ බව වාර්තා වේ.

එමෙන්ම මේ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අපි බලාපොරොත්තු වෙනවා මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න. ඊට පස්සේ ගාස්තුවල ගැලපුමක් ඇති කරන්න ඕනේ. බස් ගාස්තුවට වඩා තුනෙන් එකක් අඩුවෙන් දුම්රිය ගාස්තුව පවත්වාගෙන යන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරන් ඒ අනුව ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු ගැනීමේ දී ඉතාම අමාරුයි. මේ නිසා ආයතනය කාර්යක්ෂමතාවය පවත්වාගෙන යෑම සඳහා දෙපාර්තමේන්තු ගත ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ. ඒ නිසා අධිකාරියක් කරන්න 2001, 2002 කාලවලදී පනතක් හදලා තිබුණා. ඒක අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න මම වෘත්තීය සමිතිවලට සහ අදාළ බලධාරීන්ට දෙනවා. රටේ අනාගතය වෙනුවෙන් ඒකට සහයෝගය දෙන්න…”

Exit mobile version