අතිරේක ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සදහා බලශක්ති අමාත්‍යාංශය සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
එම සමාගම ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 100ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවට පසුගියදා පුවත්පත් වාර්තාවක් පළවූ නමුත් එවැනි පිරවුම්හල් පිහිටුවීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවට IOC සමාගම ප්‍රකාශ කර තිබේ.
