මෙරට රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටින බවත් , මෙරට බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76%ක් එනම් ට්‍රිලියන 104ක් මෙම රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තුවට වැය වන බවත් , එම මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් සිතිය යුතු බවත් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ගෙවුණු සිව් වසර ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලය , ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රී ලන්කන් එයාර් මෙන්ම ජල සම්පාදන මණ්ඩලය රුපියල් බිලියන 1350 ක අලාභයක් ලබා තිබෙන බවත් රවී කරුණානායක මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී.
