පාස්කු ප්‍රහාරයේ සොනික් , ටොනික් හා පැනික් ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්.

පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් ෆෝ නාලිකාව මගින් විකාශය කළ වැඩසටහනින් පසු ඇතැම් මන්ත්‍රීවරුන් අවදි වූවත් විපක්ෂ නායකයා ලෙස තමන් ඒ ගැන මුල සිටම අවධානයෙන් සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දෙවැනි දිනය වන අද (22) විවාදය අරඹමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙම ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනතාවට සහනයක් සැලසිය යුතු බවත් , මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සදහන් කරන ලදී .

එමෙන්ම එදා මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක් වන සොනික් ගැන නොසොයා ඇමැතිධුර ලබාගැනීමට ටොනික් වූ අය අද පැනික් වී ඇති බවත් , ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ඇමෙරිකානු පුරවැසියෙක් නොවන තමාට ලබා ගත හැකි වූවත් , පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ සියලු තොරතුරු ලබා ගැනීමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version