මෙරට ආර්ථිකය පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්.

මෙරට පවතින ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ පැවති IMF ගිවිසුම පිළිබඳ විවාදයේ දී විශේෂ ප්‍රකාශයක් සිඳු කළ බව වාර්තා වේ.

තරඟකාරී සමාජ සාධාරණ වෙළඳ ආර්ථිකයක් , හරිත ආර්ථිකයක් සහ ඩිජිටර් ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවත් , ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් සිටින බවත් , එය ඉදිරියට ගෙන යාමය නම් රටේ සියලු ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම 2019 වර්ෂයේ දී බදු කපා හැරිම නිසා මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් 4%ක් අහිමි වී ඇති බවත් , කොවිඩ් වසංගතය වැනි ගැටලු තුළින් පසුගිය වර්ෂයේ මාස තුනක් ඇතුළත රුපියල 40% කින් පිරිහී ගිය බවත් , මෙවන් පසුබිමක් තුළ තමන් ජනාධිපතිකම භාර ගත් බවත් , එසේ නොවුණා නම් රට විනාශයට පත් වන බවත් ජානාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

Exit mobile version