මෙරට ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහය දැක්වීමේ දී ඉන්දියාවේ ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ඉතා වැදගත් බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පසුගිය 13 වැනිදා වොෂින්ටන් ඩිසීහි පැවති එක්සත් ජනපද – ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලය අදහස් සමුළුව අතරතුරේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජැනට් යෙලන්,
“ පසුගිය මාස හයක කාලය තුළ අපි ක්ෂේත්‍ර ගණනාවක් හරහා ප්‍රගතියක් ලබා තිබෙනවා.සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පීඩාව සාර්ව ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට අවධානමක් මතු කරනවා.කාලෝචිත සහ පුළුල් ණය ප්‍රතිකාර ලබා දීමට තවත් බොහෝ දේ කළ යුතුයි.නමුත් අපි බලධාරීන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහය දැක්වීම සඳහා ඉන්දියාවේ ක්‍රියාකාරී ක්‍රියාමාර්ග තීරණාත්මක වූ ශ්‍රී ලංකාව වැනි හදිසි අවස්ථා සම්බන්ධයෙන් ඉදිරියට පියවර ගෙන තිබෙනවා.අනෙකුත් අවස්ථාවන්හි දී ද කඩිනම් ක්‍රියාමාර්ග සඳහා අපි අඛණ්ඩව තල්ලු කරමින් සිටිනවා “
