විදුලිබිල සංශෝධනය ගැන ප්‍රකාශයක්.

මාධ්‍ය වාර්තා සඳහන් කරන අයුරින් ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවට විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

අදාළ ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විදුලි ගාස්තු සංශෝධනය රජයේ ප්‍රතිපත්තියට අනුව පමණක් සිදුකෙරෙන බවයි.

සෑම වසරකම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව සදහන්.

Exit mobile version