අගමැති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ රාජකාරියේ නිරතව සිටින කළමනාකරණ නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළව කොටුව තිළිණ ගමගේ මහතා හමුවේ කොල්ලුපිටිය පොලීසිය අද කරුණු වාර්තාකර ඇත.
ඒ අනුව විමර්ශනයට අදාළව ඇය සේවය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලෝටස් ජෙම් ගොඩනැගිල්ලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සහ පැමිණිලිකාරියගේ දුරකථන පරීක්ෂා කිරීමටත් පොලීසිය සිදුකළ ඉල්ලීමට අද අවසර ලබාදී තිබේ.
පසුගිය 24 වනදා පෙරවරුවේ සේවයට පැමිණි ඇය එම කාර්යාලයේ රාත්‍රී 08 වනතුරු සේවයේ නිරතව සිට ඇත.
 
සේවය නිමකිරීමෙන් අනතුරුව තම ඇත් බෑගය පරීක්ෂා කරන විට රන් භාණ්ඩ එහි නොතිබූ බවට පැමිණිල්ල මගින් එම නිලධාරිනිය පොලීසිය වෙත දැනුම්දී ඇත.
මෙලෙස අස්ථාන ගතවී ඇත්තේ පවුම් හතරක් බරැති වළල්ලක්, පවුම් දෙක හමාරක් බරැති මාලයක්, පවුම් එක් හමාරක් බරැති වළල්ලක්, පවුම් දෙකක් බරැති මුද්දක් හා පෙන්ඩන්ට් දෙකක්, පවුම් භාගයක කරාඹු ජෝඩුවක් බවට තොරතුරු වාර්තා වෙයි.
