නීති විරෝදී රූපලාවන්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට.

ව්‍යාජ ලෙස සකස් කරණ ලද නීති විරෝදී රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ දෙවන හරස් වීදියේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිකරණ වෙළද සැලක තිබී බවයි සදහන් වන්නේ.

මෙම ද්‍රව්‍ය ව්‍යාජ ලෙස සකස් කරමින් විදෙශ් රටවල නිෂ්පාදනය කර ඇති බවට ලේබල්ද සකසා අලවා වෙළදපලට නිකුත් කර ඇති බවයි සදහන්වන්නේ.

තවත් එලෙස සැකසීමට ව්‍යාජව සකසන ලද ආලේපන ලීටර් 150 ක් පමණ එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවත් එම නිලධාරීන් සදහන් කර තිබේ.

Exit mobile version