ඉන්සියුලීන් ඇසුරුම් තොගයක් ආනයනය කෙරේ.

මෙරට හිඟව පැවති ඉන්සියුලින් ඇසුරුම් 275,000ක තොගයක් දිවයිනට ආනයනය කළ බවත් , ඒවා රෝහල් සඳහා බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ඔහු සඳහන් කරන ලද්දේ වෛද්‍ය සැපයුම් අංශයේ හිඟ ඖෂධ සංඛ්‍යාවෙන් 231ක් අඩු වී ඇති බවත්  ,  මෙරට හිඟ තවත් ඖෂධ වර්ග 38ක් ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ලැබීමට නියමිත බවත් , රෝහල්වල දැනට හිඟව ඇත්තේ ඖෂධ වර්ග 78ක් පමණක් බවත් ය.

Exit mobile version