පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් වටලයි.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය විසින් පරිභෝජනයට නුසුදුසු මෝදර ප්‍රදේශයේ ආහාර ගබඩාවක් වැටලූ බව වාර්තා වේ .

එහි තිබී ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35,000 ක් , කල් ඉකුත් වීමේ දිනය වෙනස් කළ සව් කිලෝ ග්‍රෑම් 15,000 ක් , ආනයනය කළ පපඩම් තොගයක් , පරිභෝජනයට නුසුදුසු සුදු ළූණු තොගයක් සොයා ගත් බව සඳහන් වේ .

එහි තිබූ බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් නොතිබූ අතර එම ගබඩාවට පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තැබූ බව වාර්තා වේ .

එමෙන්ම එම සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද සඳහන්.

Exit mobile version