ප්‍රබල භූ කම්පනයක්.

බටහිර ප්‍රංශයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

එරට සිදුවූ ප්‍රබලතම භූ කම්පනයක් ලෙස සැලකෙන මෙය රික්ටර් මාපකයේ ඒකක 5.8 ක ප්‍රබලත්වයක් සටහන් කර තිබේ.

භූ කම්පනය හේතුවෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසක බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් ද නිරීක්ෂණය වී ඇති බවට එරට බලධාරීන් සදහන් කර තිබේ.

විදුලි රැහැන් කඩා වැටීම හේතුවෙන් නිවාස දහයකට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව සදහන්.

ප්‍රංශයේ ඒකක 5 ඉක්මවූ භූකම්පන වාර්තා වීම දුලබ සිදුවීමක් වන අතර එරට එවැනි භූ කම්පනයක් අවසන් වරට සිදුවී ඇත්තේ 2019 දීය.

Exit mobile version