ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන ඇති බව වාර්තා වේ.
රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
