නතාෂා එදිරිසූරිය බුදු දහමට අපහාස කළ බව පවසා අත්අඩංගුවට ගැනීමට පෙර ඉස්ලාම් ආගමට අපහාස කළ , පල්ලි කිතුණු දේවස්ථාන සහ මුස්ලිම් පල්ලි ගිනි තැබීමට කටයුතු කළ ඥානසාර හිමියන් වැනි අය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කරයි.
වෛරී ප්‍රකාශ සිඳු කිරීම අතින් ඥානසාර හිමියන් නතාෂාට වඩා විෂම ආකාරයේ බලපෑමක් මුස්ලිම් සහ දමිළ ජනතාවට එරෙහිව සිදුව ඇති බව ද ඇය දන්වා සිටී.
අද අළුයම ට්විටර් පණිවිඩයක් සටහනක් තබා ඇති හිටපු ජනපතිනිය එයින් තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලාංකික බෞද්ධයින් නියම බෞද්ධ ප්‍රතිපදාවට අනුව ජීවත් වූයේ නම් අද මේ රට මේ තරම් අර්බුදයකට තල්ලු නොවනු ඇති බවය.
එසේම ඇය තවදුරටත් සඳහන් කරන්නේ බුද්ධාගමට සම්පූර්ණ ගෞරවය ඉහළින්ම ලබා දිය යුතු බවට තමන් ද එකඟ මුත් ඒ සමඟම සෙසු ආගම්වලට ද සමානව සැලකිය යුතු බවය.
රටේ සෑම පුරවැසියෙකුටම තමන් අදහන විශ්වාසය කරන ආගම දහම පිළිපැදීමට අයිතියක් පැවතිය යුතු බවත් බෞද්ධයින් ලෙස කරුණාව මෛත්‍රිය සහ උපේක්ෂාව පෙරදැරිව කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කරයි.
එමෙන්ම වද සැත්කම් සිඳු කිරීමේ චෝදනාවක් මත අනිවාර්‍ය නිවාඩු යවා සිට යළි සක්‍රීය සේවයට පසුගිය දා ඇතුළත් කෙරුණු කුරුණෑගල රෝහලේ නාරි හා ප්‍රසව ඒකකයේ වෛද්‍ය සාෆි පිළිබඳව රට පුරා වැරදි මතයක් යවමින් ක්‍රියා කළ අයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් ප්‍රමාද නැති බව ද හිටපු ජනාධිපතිනිය පවසයි.
( ලංකා සර )
